Pages

Thursday 1 November 2018

හිරුණිකා රග පෑ උදුම්බරා සිනමා පටය ළගදීම තිරගත වේ

මේ අවස්ථාව මටනම් ලැබුණේ අහම්බෙන් වගේ. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වුණු කේ.එස්. චමන්ත් රාජ් තමා මේ චිත්‍රපටය සදහා මාව සම්බන්ධ කරගන්න ඕනේ කියලා

තිබුණේ. ඉතින් දවසක් මම රැළියකට සහභාගී වෙලා ඉඳිද්දී මෙහි නිෂ්පාදක කළමනාකරු වුණු සුරේන් චන්ද්‍ර මාව මුණගැහෙන්න ආවා. ඒ වෙලාව්දී “මැඩම් අපි හරි ආසාවෙන් ඉන්නේ ඔයාව ෆිල්ම් එකකට ගන්න. කියලා කිව්වා. හැබැයි ඉතින් ඒ වගේ දේවල් මට නිතරම ඔය එක එක්කෙනා කියන නිසා මාත් ඒක එච්චර හිතන්නේ නැතිව “ආ... හරි... හරි... මට කතා කරන්නකෝ... කියලා කිව්වා.
ඒ කියන්නේ ඒ වෙනකොටත් හිරුණිකාට බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබිලද තිබුණේ...? ඔව්... ආරාධනා කිහිපයක්ම ඒ කාලය තුළදී ලැබිලයි තිබුණේ. ඉතින් මම හිතුවේ මේකත් ඒවගේ දෙයක් වෙයි කියලා. ඒ නිසා ඒක මට අමතක වුණා. දවසක් සුරේන් මාව ආයෙමත් හොයාගෙන ඇවිත් මේ ෆිල්ම් එක ගැන කිව්වා. මම කරන දේශපාලන වැඩක් එක්ක මට පෙම්වතියකගේ චරිත, එහෙමත් නැත්නම් ඔය ටිකක් සීනි බෝල චරිත මට කරන්න අමාරුයි කියලා මම කියද්දී සුරේන් තමයි කිව්වේ මේක එහෙම කතාවක් නොවේ.
රට ගැන කියන ලස්සන ෆිල්ම් එකක් කියලා. මට පිටපතත් දුන්නා. ඒ පිටපත බලද්දී මට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කේ.එස්. චමන්ත් රාජ්ව මුණගැහුණා. චමන්ත් රාජ් ලංකාවට එන යන දමිළ අධ්‍යක්ෂකවරයෙක්. මම රූපවාහිනි වැඩසටහනකම කළ කතාවක් දැකලා තමයි ඔහු මාව මේකට තෝරාගෙන තිබුණේ. ඉතින් ඒ අනුව තමයි චමන්ත් රාජ් මාව උදුම්බරා චිත්‍රපටයේ ක්‍රීඩා උපදේශිකාවගේ චරිතය තුළින් සිනමාවට හඳුන්වලා දුන්නේ. මේක සිරස මාධ්‍ය ජාලයෙන් කරන ෆිල්ම් එකක්. රට ගැන කියවන ෆිල්ම් එකක් නිසා හරිම කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණා.

0 comments:

Post a Comment