Pages

Thursday 1 November 2018

දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ශනුද්‍රි ඉවත් වෙන්න යනවා කියන්නේ.. ඇත්තද?

මේ දවස්වල නම් මම දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ඉන්නවා. ඉස්සරහට බලමු නේද මොනවද වෙන්නේ කියලා. තවත් අලුත්ම නාට්‍යයකට කාලය ලබා දුන්නේදෙවෙනි ඉනිමෙන් නිදහස් වුණ නිසා නෙමෙයිද? මම මීට කලිනුත් තව නාට්‍යවලට සම්බන්ධ වුණා. දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙන් ඉවත් වුණ නිසා හෝ ඉවත් වුණේ නැති නිසා අලුත් නාට්‍යයක් කරන්න භාර ගත්තා නෙමෙයි. මට මේ නාට්‍ය කරන්න පුළුවන්කම තියෙනවා සහ මට ඒ නාට්‍ය සහ චරිතය ගැළපෙනවා කියලා හිතුණා. ඒ වගේම මට ඒ නාට්‍ය වෙනුවෙන් කාලය කළමනාකරණය කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒකයි තවත් අලුත් වැඩක් භාරගත්තේ.
ශනුද්‍රි ගැළපෙන දේවල් තීරණය කරන්නේ මොන නිර්ණායක එක්කද? මගේ වයසත් එක්ක සුදුසු චරිත මම භාරගන්නවා. ලැබෙන චරිතය ඇතුළේ දෙයක් කරන්න තියෙනවද බලලා ඒක මට සුදුසුද කියලා අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා තමයි චරිතය භාරගන්නේ.
එතකොට ශනුද්‍රි තනි තීරණ ගන්නෙම නැද්ද? නැහැ. මම තාම තනි තීරණ අරගෙන නැහැ. ගන්න තීරණය අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා තමයි ගන්නේ.
අම්මයි තාත්තයි අකැමැති නිසා ශනුද්‍රි කැමැති දේවල් අතහැරලා තියෙනවද?තාම එහෙම මුකුත් අතහැරලා නෑ. එයාලා මම කැමැති දේවල්වලට ඉඩ දෙනවා. වැරැද්දක් කරන්න එයාලා ඉඩ දෙන්නේ නැහැ.
ශනුද්‍රි අක්කා වගේ වැඩ ගොඩක පේන්න නැත්තේ? අක්කි වෘත්තිය හැටියට තමයි රංගනය කරන්නේ. මම අධ්‍යාපන කටයුතුත් එක්ක තමයි රංගන කටයුතු කරන්නේ. මට කොහොමත් අක්කි වගේ වැඩ ගොඩක් කරන්නවත් ගොඩක් රඟපාන්නවත් ආස නැහැ.
ඒ කියන්නේ ශනුද්‍රි රංගනය වෘත්තිය විදියට තෝරාගන්න එකක් නැද්ද? සමහර විට රංගනය වෘත්තිය කරගන්න එකක් නැහැ. ඒත් ඉදිරියේදී කොහොම වෙයිද දන්නේ නැහැ.
ශනුද්‍රිද දිනක්ෂිද වැඩිය ජනප්‍රිය? අක්කි තමයි මට කලින් රඟපාන්න ආවේ. එයා මට වඩා ජනප්‍රියයි.
හැබැයි දිනක්ෂි කියන්නේ ශනුද්‍රි තමයි වැඩිය ජනප්‍රිය කියලා. එක කාලයක් දෙවෙනි ඉනිමේ කණ්ඩායම ජනප්‍රිය වුණානේ. ඒ නිසා වෙන්න ඇති අක්කි එහෙම කියන්නේ. ඒත් ඇත්තටම අක්කි මට වඩා ජනප්‍රියයි.
ජනප්‍රිය වෙන්න ශනුද්‍රිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒත් ජනප්‍රිය දෙයින් ගැලවෙන්න උත්සාහ කරන්නේ ඇයි? මම ජනප්‍රියත්වය පස්සේ යන්නේ නෑ. සම්මාන පිටුපස්සේ යන්නෙත් නෑ. මේ වසරේ මුල මට ජනප්‍රිය සම්මානයක් ලැබුණා. මට ඒ ඇති. මට වැඩක් ලැබුණොත් ඒ දේ උපරිමව කරන්න තමයි මහන්සි වෙන්නේ.
ශනුද්‍රිගේ ගායන හැකියාවෙන් අලුත් නිර්මාණයක් කරන්නේ නැද්ද? අලුත් ගීත දෙකක් කරලා තියෙනවා. ඒ මනුරංග අයියා සහ පසන් ලියනගේ අයියා එක්ක. ඒ නිර්මාණවල වැඩ වෙනුවෙනුත් කාලය වෙන් කරන්න ඕන. ඉදිරියේදී ඒ නිර්මාණ රසිකයන් අතරට ගේන්න පුළුවන් වෙයි.
අලුත් සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද? නැහැ. තාම ඉතින් මම ආවා විතරයිනේ. මම වැඩිපුර කාලය වෙන් කරන්නේ අධ්‍යාපන කටයුතුවලට. අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දීලා අනෙක් දේවල් හිමිහිට කරගෙන යනවා. තව මට කල් තියෙනවනේ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ

0 comments:

Post a Comment