Pages

Saturday 28 October 2017

කරපු පවක් හින්දා මගේ කසාදේ කල්යනවා - සුරාජ්.

සුරාජ්... කියමුකො මුලින්ම බලන්න මේ දවස්වල මොනවද කරන වැඩ?මේ දවස්වල මගේ ටෙලිනාට්‍ය හතරක්ම විකාශනය වෙනවා. ලෝකාන්තරය, චුට්ටේ,පිනි සහ හාරකෝටිය කියන ටෙලිනාට්‍ය තමයි ඒ. ඉතින් ඒවාවල රූගත කිරීම්වලට සතියෙ දවස් පහ වෙන් වෙනවා. ඉතිරි දවස් දෙකේ මගේ නර්තන කටයුතුවලට නර්තන පන්තිවලට වගේම මගේ ඉගෙනුම් කටයුතුවලට කාලය යොදවලා තියෙනවා.
මොනවද සුරාජ් ඉගෙන ගන්නෙ? මම කුලසිරි බුදවත්ත සර් යටතේ උඩරට නර්තනය හදාරනවා. ඊට අමතරව මම ප්‍රේමදාස පදනමේ ගයාත්‍රි කේමදාසයන් යටතේ හඬ පාලනය පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ පන්තිය තියෙන්නෙ සෙනසුරාදා උදේ. මම ඒ පන්තියට යන්නෙ සින්දු කියන්න ඕනකමකට නෙමෙයි. මට ඕනෙ මගේ හඬ එක එක පරාසයන් කරා යොදවන්න. සමහර චරිතවලදී මගේ හඬ ලොකු දුර්වලකමක් විදිහට මම දැක්කා. ඒක හදාගන්න මට ඕනෙ.
සුරාජ් නර්තන ගුරැවරයෙක්.. එහෙම නේද? ඔව්.. මම සෙනසුරාදා මහරගම කුලසිරි බුදවත්ත රංගායතනයේ ලතින් අමෙරිකන් නර්තනය උගන්වනවා. ඊටපස්සෙ මම සෙනසුරාදා හවස බත්තරමුල්ලෙත් ඉරිදා නුවරත් පන්ති පවත්වනවා. ඔහොම තමයි මගේ කාලය ගතවෙන්නෙ.
ඒ කියන්නෙ සුරාජ් දවස් හතේම වැඩ.. ටිකක් කාර්යබහුලයි? ඔව්.. ඒක ඇත්ත. විවේකය අවශ්‍යයි. විවේකයට ආසයි. ඒත්.. මේ වැඩ එකිනෙකට වෙනස් නිසා මේ යන විදිහට මම ආසයි. අපිට තියෙන්නෙ ටික කාලයයිනෙ.. ඒ ටික කාලෙදි මේ ජීවිතේ සිද්ධවෙන විදිහට සිද්ධවෙන්න ඕනෙ. විවේක අරගෙන පැත්තකට වෙලා ඉන්න දැන් අපිට කාලයක් නෑ. ජීවන රටාව අනුව ජීවත් වෙන්න සල්ලි ඕනෙ. ඉතින් හැමවෙලේම අපි බලන්නෙ රුපියලක් දෙකක් හරි සොයාගන්න. ඒක තමයි හැම මනුස්සයාගෙම ඇත්ත. ඉතින් අපි නිකන් ඉන්න එක අපරාදෙ. මම එහෙම පොදිගහගන්න කැමති නැති මනුස්සයෙක්. මම හම්බකරන එක හොඳට අත දිගහැරලා වියදම් කරලා හොඳට කාලා බීලා සතුටුවෙලා හිතේ සතුටින් ජීවත් වෙනවා.
ඉතුරු කරන්නෙ එහෙම නැද්ද..? පොඩ්ඩක් ඉතුරු කරනවා. ඒකත් කරන්නෙ ගෙදරට ඕන නිසයි. අම්මයි අක්කලයි කෑගහනවා සල්ලි එකතු කරන්න, කවදාහරි දවසක ඕනවෙනවා කියලා. ඉතින් ඒ අය කියන නිසා මෑතක ඉඳන් මම පොඩ්ඩක් එකතු කරන්නත් ගත්තා. හැබැයි එහෙමයි කියලා ලොකුවට පොදිගහගන්න මනුස්සයෙක් නෙමේ මම.
ජීවිතේ ලැබුණු වටිනාම දේ මොකක්ද..? මගේ ජීවිතේ ලැබුණු වටිනාම දේ තමයි මගේ පවුල, මගේ අම්මා සහ මගේ අක්කලා දෙන්නා. ඊට අමතරව මට ලැබුණු ලොකුම වටිනාම දේ තමයි මනුෂ්‍යත්වය. මනුස්සයෙක් හැටියට ජීවත්වෙන්න ලැබීමත් ලොකු වටිනාකමක්. මම අද මේ ඉන්න තත්ත්වය ගැන මට සතුටුයි.
ඔය තැනට එන්න දුක් වින්දද..? ඔව්.. ජීවිතේ හැමවෙලේම දුක තමයි. අපිට ලබාගන්න ඕන දේවල් ලබාගන්න පුළුවන් වෙන්නෙ දුක් වින්දොත් තමයි. කිසිම දෙයක් අපේ අතට ගෙනත් දෙන්නෙ නැහැනෙ. වාසනාවෙන් ලැබෙන දේවල් තියෙනවා. නමුත් ඒවා තියාගන්න අපි මහන්සි වෙන්න ඕනෙ. ඒකට අපි දුක් විඳින්නම ඕනෙ. හැමෝම ජීවිතේ ගෙවන්නෙ ලොකු කට්ටක් කාලා තමයි. මහන්සි වන ප්‍රමාණය අනුව තමයි ඒවායෙ වටිනාකම ලැබෙන්නෙ.
අද වෙනකොට සුරාජ් පෙම්වතෙක්නෙ. කවදද සුරාජ් විවාහ වෙන්නෙ..? මගේ ජීවිතේ බලාපොරොත්තු කියලා දේවල් නෑ. මම කවදද බඳින්නෙ කියලා මම දන්නෙ නෑ. ඇත්ත.. මම පෙම්වතෙක්. අද වෙනකන් අපි කොහොමහරි ජීවත් වුණානෙ. හැබැයි මගේ ජීවිතේ එහෙම කිසිම ප්ලෑන් එකක් නෑ. මම අද වෙනකන් සතුටින් ජීවත් වුණා. ලැබෙන විදිහට හැමදේම සතුටින් බාරගත්තා. මම ජීවිතේම ඕන විදිහට අතහැරලා දාලා තියෙන්නෙ. එහෙමයි කියලා මට මගේ ජීවිතේ නැතිවෙන්නෙ නෑ කියලත් මම දන්නවා. කරපු මොකක් හරි වැරැද්දකට මගේ විවාහය මෙච්චර කල් පමාවෙන්නත් ඇති. සමහරවිට ඒ පමාව හොඳකට වෙන්නත් ඇති. ජීවිතේ හුඟාක් අත්දැකීම් ලබන්න පුළුවන් කාලයක් තමයි මේ.
සුරාජ්ගෙ ඔය ප්‍රථම ප්‍රේමය නෙවෙයිනෙ.. ඇයට ආදරය කරන්න ඇගේ තිබුණු සුවිශේෂීකම මොකක්ද..? ඇය මට ආදරෙයිද ඇය මාව විවාහ කරගනියිද කියලා මම දන්නෙ නෑ. මම බඳින්න ඕනෙ නිසා මාව බඳින්න කියන එක හරි අසාධාරණයි. ඇත්ත.. මම පෙම්වතෙක්. මට ආදරවන්තියක් ඉන්නවා. හැබැයි ඇය තීරණය කරාවි මාව බඳින්න ඕනෙ වෙලාව මොකක්ද කියලා. ඇය මාව බඳින්නෙ නැත්නම් දවසක ඇය මාව අතහැරලා යාවි. මම හැමවෙලේම බලාපොරොත්තු වුණේ බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම සම්ප්‍රදායික ගැහැනු ළමයෙක් මම බලාපොරොත්තු වුණේ නෑ. සමහර වෙලාවට රණ්ඩු වෙනවා. සමහර වෙලාවට බැණගන්නවා. සමහර වෙලාවට ආයෙත් යාළුවෙනවා. එයා ළඟ බොරු සෝබන නෑ. හැබැයි මම දන්නෙ නෑ, එයා අනාගතේ මගේ බිරිය වේවිද කියලා. හැබැයි අදට අපි දෙන්නා හරි ආදරණීයයි. මම එයාට ගොඩක් ආදරේ කරනවා.
කාලයක් සුරාජ් නිෂ්පාදනයටත් අතගැහුවා... දැන් නෑ. මොකද ඒ...? ඇත්ත මම ටෙලිනාට්‍ය තුනක් විතර නිෂ්පාදනය කළා. අපි හොඳ නිර්මාණ එකදිගට කළා. ඒත් දැන් යන රැල්ලත් එක්ක හොඳ නිර්මාණ නිෂ්පාදනය කරන්න අමාරැයි. අපි කොච්චර මහන්සිවෙලා හොඳ නිර්මාණ කළත් පිටරට ටෙලිනාට්‍ය ගෙනල්ලා පෙන්වද්දි ඒකට කිසිම වටිනාකමක් දෙන්නෙ නෑ. ඉතින් මේ දේවලුත් එක්ක පොඩි කලකිරීමක් හිතේ තියෙනවා. ඒත්.. නිෂ්පාදනය කරන්න ආසයි. ඉදිරියේදි හොඳ නිර්මාණයක් කරන්න හිතාගෙන ඉන්නවා.

මට තිබුණා සුමිත්ට පයින් ගහලා වෙන කෙනෙක් විවාහ කරගන්න.

නයනා කුමාරි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ නිසාම අපි මෙවර ආදරය ගැන කතා කරන්න ඇයට කතා කළා. ආදරයට නිර්වචනයක් දෙන්න? ආදරය කියන්නේ ජීවත් වීම කියලයි මම හිතන්නේ. ආදරය තිබුණොත් තමයි ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න තියෙන එකම බලා‍පොරොත්තුව තමයි ආදරය.
පාසල් ප්‍රේමය සුන්දරයිද? එහෙම ප්‍රේමයක් මට නම් පාස‍ලේ තිබුණේ නැහැ. මට ඒ අත්දැකීම නැහැ.
ආදරය මුලින්ම දැනෙද්දි වයස කීයද? පාසල් කාලෙදි තමයි මටත් ආදරය ගැන දැනෙන්නේ. මම කෙනෙක්ට ආදරය කළා. එයා අදටත් දන්නෙ නැහැ මම එයාට ආදරය කළා. එතකොට වයස අවුරුදු දහතුනක් දාහතරක් ඇති.
මුලින්ම ආදරය ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයාද? අපේ රටේ තියෙන සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය එක්ක එදා ඉඳන් පවත්වාගෙන ඇවිත් තියෙන්නෙත් ඔය විදිහට. ගැහැනියක් ඉස්සර වුණොත් වැරදි විදිහටයි හිතන්නේ. අපේ රටේ මුල්තැන දෙන්නේ පුරුෂ පාර්ශ්වයට. අපට ලැබෙන කෙනාට අපි ආදරය කරන්න පෙලඹිලා තියෙනවා.
අප්‍රකාශිත ආදරයක් තිබුණාද? ඔව්, මම කෙනකුට ආදරය කළා. අද වෙනකම් කවුරුත් දන්නෙ නැහැ.
ජනප්‍රිය නළුවෝ කීදෙනෙක්ට ආදරය කරලා තියෙනවාද? ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයේදීෙ ආදරය කළාට සැබෑ ජීවිතයේ එහෙම ආදරය කරන්න ඉඩ ලැබුණේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු මුල්ම ටෙලි නාට්‍යයෙන් මට සුමිත්ව ලැබුණා. එතැනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. පළමු ටෙලි නාට්‍යයේදී තමයි මට සහාය අධ්‍යක්ෂවරයා මුණ ගැහෙන්නේ. එයත් එක්ක තමයි මම ආදරය පටන් ගත්තේ. ප්‍රථම ආදරය තමයි ඒ.
ආදරය කරද්දි පෙම්වතා වැඩිමල් විය යුතුද? තාවකාලික ආදරයට නම් වයස් භේදයක් නැතිවෙන්න පුළුවන්. විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා පවුල් ජීවිතයක් ගත කරනවා නම් විවාහ වෙන කෙනා වැඩිමහල් විය යුතුයි කියලා. සම වයසේ දෙන්නෙක් එක්ක වගේ වයසින් බාල කෙනෙක් එක්ක ජීවිතය ගෙනයද්දි හැලහැප්පීම් වැඩියි. නමුත් වයසින් වැඩිමල් කෙනෙක් එක්ක ජීවිතය ගෙනයද්දි ජීවිතය පහසුයි.
වයසින් බාල කෙනෙක්ට ආදරය හිතිලා නැද්ද? අපි මනුස්සයෝනේ. එහෙම හිතෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් බුද්ධිය කියලා දෙයක් තියෙනවා අපට. මට ‍පොඩි වයසෙදි තමයි සුමිත්ව ලැබුණේ. මගේ හිතේ හිටියේ සුමිත් විතරයි. නමුත් විවාහවෙලා දරුමල්ලෝ ලබලා සමාජයට යද්දි අපි ආස දේවල් තව කෙනෙක්ගෙන් දකිනවා වෙන්න පුළුවන්. නමුත් එතැනදි බුද්ධිය පාවිච්චි කරන්න ඕන. අපේ හිතගන්න අය දන්නේ නැතුව ඇති එහෙම දෙයක් තිබුණා කියලා.
පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද? ඔව්, ඔහු මට මුලින්ම දුන්නේ මුද්දක්. ඒක ගෙදරට හොරු පැනපු වෙලාවේ අරන් ගිහින්නේ.
පිරිමියෙක්ගේ ආදරය හිතෙන්නේ මොන ගතිගුණවලටද? සුමිත්ට කැමති වුණේ එයාගේ ආඩම්බරකමට. ඊට පස්සේ හිත ගියේ එයාගේ දැනුවත්කමට. රූපයටත් හිත ගියා. මම නිතරම හිතුවේ මට වඩා බුද්ධිමත් කෙනෙක් තමයි මට ඕනේ කියලා. මිල මුදල් වගේ බාහිර දේ ගැන මුලින් සිතුවිල්ලක් ආවෙ නැහැ. මම බලා‍පොරොත්තු වුණ කෙනාව සුමිත් ළඟ තිබුණා. වයසින් මුහුකුරා ගියත් අදටත් ඒ බුද්ධිමතාට කැමතියි.
ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද? කාන්තාවක් නම් ආදරය කරන්නේ විවාහ වීමේ බලා‍පොරොත්තුවෙන්. මම ඒ දේ සාර්ථක කරගත්තා. සුමිත් ලැබුණු වෙලාවේ මම හිතුවා ඔහුමයි විවාහ කරගන්නේ කියලා. අවුරුදු නවයක් ආදරය කරලා සුමිත්ව ලබාගත්තා. අද දකින්නේ කෙනෙක්ට ආදරය කරනවා, වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා. තව කෙනෙක් එක්ක විවාහවෙලා අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා. අද ඒ දේ මෝස්තරයක් වෙලා. සුමිත්ව මුලින්ම ලැබෙද්දි මම නිකම්ම නිකම් ගමේ කෙල්ලෙක්. නමුත් ඔහුත් එක්ක විවාහ වෙද්දි මම ලංකාවේ ජනප්‍රියම නිළිය. එදා ඕන නම් තිබුණා සුමිත්ට පයින් ගහලා යන්න. සුමිත්ටයි, මටයි මිල මුදල්, ගෙවල් දොරවල් තිබුණ දෙන්නෙක් ‍නෙවෙයි. ඒ කා‍ලේ ඕන තරම් ඉහළ යෝජනා ආවා. ඉතින් මටත් තිබුණා සුමිත්ට පයින් ගහලා වෙන කෙනෙක් විවාහ කරගන්න.
ආදරය ඇතුළේ රාගයට කොච්චර ප්‍රතිශතයක් තියෙන්න ඕනද? මම හිතන්නේ පනහක් තියෙන්න ඕන කියලා. අනෙක් පනහට ඉවසීම හුරු කිරීම, තේරුම් ගැනීමත් අයිති වෙනවා.
විවාහයෙන් පස්සේ බොහෝදෙනා වෙනස් වෙනවා. ඒ ඇයි? අවුරුදු නවයක් මාත් ආදරය කරලා විවාහ වුණ කෙනෙක්. විවාහයෙන් පස්සේ දෙන්නා එක වහලක් යට එක කාමරයකට, එක ඇඳකට එනවා. විවාහයෙන් පස්සේ දෙන්නගේ ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට දකිනකොට, ආශ්‍රය කරද්දි මගේ කියන හැඟීම තියෙනවා. දෙතැනක ඉද්දි එක තැනකට එන්න දැඩි සටනකට එනවා. ආදරය කරන කා‍ලේ සුමිත් මාව බලන්න එද්දි නෑවා, චුයින්ගම් එකක් කෑවා. ෆර්ෆියුම් ගාලා හරි ලස්සනට ඉන්නවා. ඔහු කතා කරලා යන්නේ හරි ප්‍රියමනාපව. එක කාමරයක ඉද්දි උදේට නැගිටින්නේ කුණු කෙළ පෙරාගෙන.
දත් මදින්නේ පහුවෙලා. ඒක තමයි යථාර්ථය. මේවායේ අවබෝධයක් තියෙන්න ඕන. චූටි චූටි දේවල් නිසයි ගැටලු වෙන්නේ. අපි සුන්දර දේට කැමතියි. මටත් දැනුණා.. සුමිත් ආදරය කළා. විවාහ වුණාට පස්සේ වෙනම පුද්ගලයෙක් මාත් වින්දා. ඒ දේ අවබෝධ කරගෙන නොගැළපීම් ගළපාගෙන ජීවත්වීමයි වැදගත් වෙන්නේ.
විවාහය ලියාපදිංචි කළ යුතුද? ආදරය කරන කා‍ලේ විවාහ වෙනවා කියන එකේ සදාචාරයක් තියෙනවා. පවුල් පසුබිම හරහා ඒ දේ කරන්න වෙනවා. කාන්තාවන් විශේෂයෙන්ම එහෙම දේවල් බලා‍පොරොත්තු වෙනවා. සමහරක් අය විවාහ නොවී බොහොම ආදරයෙන් දරු මල්ලෝ හදාගෙන ඒ අයගේ ජීවිත ගෙනියනවා. දරුවෙක්ට දෙමව්පියන්ගේ අනන්‍යතාව අවශ්‍ය නිසා විවාහය ලියාපදිංචි කළ යුතුයි.
විරහව එක ජේදයකින් විස්තර කරන්න? විරහව දුකක්. ඒ දේ දරාගන්න බැරි දෙයක්.
සමලිංගික ආදරය සමාජ සම්මතයට පටහැනිද? පටහැනිම තමයි. අනුමත කරන්න බැරි දෙයක්. එහෙම වෙන්නේ එක්තරා මානසික ලෙඩක් ලෙසයි.
ආදරය එක් සහකරුවකුට පමණක් සීමා විය යුතුද? එහෙම කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම සම්බන්ධකම් ඇතිවෙන්න පුළුවන්. බුද්ධියෙන් ඒ දේවල් පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන කියලයි මම හිතන්නේ.
තිළිණි කරුණාරත්න

Saturday 4 March 2017

විවාහ වුණා කියලා.. මිනිසුන්ගෙන් ලැබෙන ආදරේ අඩුවෙලා නෑ...

සචිනි කියන්නේ.... රුවැත්තියක්. ඒ රූපය නිසා රූප පෙට්ටියෙන් වගේම... රිදී තිරයෙන් ඉල්ලූමක් ඇයට තියෙනවාලු. ඇගේ රංගන දක්ෂතාව පෙන්වන්න හැමදාමත් ඉඩක් ලැබුණු නිසා ඇය ගැන මෙවර කතා කරන්න හිතුවා. මේ ඇය ගැනයි. සචිනි කාලේකට පස්සේ රංගනය එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචියි..? මම අන්තිමට රඟ පෑ චිත‍්‍රපටිය විකාශය වුණේ 2014 අවුරුද්දේ. සිරිපැරකුම්. එකට පස්සේ කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නැහැ. ඒ නිසා ලොකු වි‍ෙව්කයක් ලැබුණා. ඊට පස්සේ ඉතිං ආයෙමත් රඟපෑවොත් හොඳයි කියලා හිතුණා. දැන් ආයෙමත් රඟපානවා. එ්ත් එක්කම කාර්යබහුල වෙලා.
විවේක සුවයෙන් හිටියේ හොඳම නිර්මාණයකට ඇරයුම් ලැබෙනතුරුද..? දරුවෝ දෙන්නා එක්ක වැඩිපුර කාලයක් ගතකළා. පොඞ්ඩගේ වයස දැන් අවුරුදු දෙකයි. මට ආයෙමත් රඟපාන්න පුළුවන් වයසක එයා ඉන්නේ. එ්ත් එක්කම හොඳ නිර්මාණ දෙකකට ඇරයුම් ආවා. මගහැරගන්න එක අපරාධයක් නිසා එ්වාට සම්බන්ධ වුණා. එක ටෙලි නාට්‍යයක් මේඝ අනිත් එක රූමස්සල ටෙලිනාට්‍යය. මේඝ නාට්‍යයේ බිරිඳක් විදිහට රඟපාන්නේ. බුඞී කීර්තිසේන අයියගේ මුල්ම ටෙලි නාට්‍යය තමයි රූමස්සල කියන්නේ. එ්කේ විශ්වවිද්‍යාල සිසුවියකගේ චරිතයකට රඟපාන්නේ.
දෙදරු මවක් වුණාට තවමත් ශිෂ්‍ය චරිතවලට ඇරයුම් ලබන්න පෙනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ..? ඒ ගැන සතුටුයි. විවාහ වුණාට පස්සේ ගොඩක් වේලාවට පෙම්වත් චරිත හෝ ළාබාල චරිත ලැබෙනවා අඩුයි. ඒ වයසට ගැළපෙන නිළියොත් ඕන තරම් ඉන්නවා. ඒත් මාව මේ චරිතයට තෝරා ගත්තේ පෙනුම නිසා වෙන්න ඇති. එ් වගේම චරිතය හොඳට හසුරවයි කියන විශ්වාසය නිසා වෙන්නත් ඇති. මම කොහොමත් හැමදාම පෙනුම ගැන සැලකිලිමත් වෙනවා.
සචිනි වැඩිපුරම කතා බහට ලක් වුණෙත් සචිනිගේ ඩයටින් ප්ලෑන් එක නිසායි. පෙනුම ගැන හිතලද ඩයට් කරන්නේ..? ඔව්. නිළියක් වුණත් නැතත් කාන්තාවක් විදිහට ලස්සනට ඉන්න ඕන කියලයි මම හිතන්නේ. මම දැන් අවුරුදු පහක විතර ඉදලා කෑම පාලනය කරනවා. ව්‍යායාම් කටයුතුවල නිරත වෙනවා. එ් වගේම සමහර අය ඩයට් කරනවා කියලා නොකා නොබි ඉන්නවා. එහෙම කරන්න ඕන නැහැ. ස්වභාවික කෑම බීම වැඩිපුර අරගෙන පිටි කෑම අඩු කළා නම් ලස්සනට ඉන්න පුළුවන්. එ්කට කැප කිරීම විතරයි ඕන. දවසක් ඩයට් කරලා කම්මැලිකමට ඊළඟ දවසේ නොකර හිටියොත් කොහොමත් වැඩක් නැහැ. මම එක වේලක් විතරයි බත් කන්නේ. අනිත් වේල් දෙක පෝෂ්‍යදායි කෑම වේලක් කරගන්නවා.
ඒ කියන්නේ සචිනිට හොඳට කට පාලනය කරගන්න පුළුවන්..? අපොයි පුළුවන්. මම කොහොමත් කෑමවලට පෙරේත කෙනෙක් නෙමෙයි. මම කෑම ගැන හිතන්නේ නැහැ. මට ඕනෑම දෙයක් කන්නත් නොකා ඉන්නත් පුළුවන්.
සචිනි ඩයට් කරන නිසා ගෙදර අනිත් අයට කෑම ප‍්‍රශ්නෙදි අවාසි සහගත දේවල් වෙනවා ඇති..? කොහෙත්ම නැහැ. අනිත් අයට ඕන විදිහට කෑම ගෙදර හදනවා. අපේ ගෙදර මට කෑම වෙනම උයනවා වගේම බබාලා දෙන්නට වෙනමත් හස්බන්ඞ්ට වෙනමත් කෑම හදනවා. එ් නිසා තවම නම් කෑමට ප‍්‍රශ්න මතු වෙලා නැහැ.
රංගන ජීවිතේ කාර්යබහුලකම එක්ක ගෙදර වැඩවලට කාලය වෙන් කරන්න වේලාවක් තියෙනවද..? ගෙදර වැඩ මගේ අතින් නෙමෙයි වෙන්නේ. උයන්න මට වේලාවක් නැහැ. නමුත් අම්මා කෙනෙක් බිරිඳක් විදිහට වෙන්න ඕන යුතුකම් මම ඉටු කරනවා. ෂුටිං යන්නෙත් දරුවෝ දෙන්නා සැමියා එක්ක ඉන්න වේලාව වෙන් කරගෙනයි.
සචිනි ආයෙමත් දීර්ඝ කාලයක් රඟපානවද..සැමියාගෙන් රඟපෑමට අවසර ලැබෙනවද..? එයාගෙන් අකැමැත්තක් නැහැ. මට තවම අකැමැත්ත කියලත් නැහැ. මම වැඩක් භාර ගත්තොත් එයා එ්ක කරන්න නිදහස දෙනවා. එපා කියන්නේ නැහැ. ඇත්තටම මම දිගටම රඟපාන්න ආසයි. ඉවත් වුණොත් හැකියාව ගෙදරට සීමා වෙනවා. මම එහෙම වෙන්න කැමැති නැහැ.
ඉ`දහිට දකින සචිනිට පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරවල අඩුවක් නැද්ද..? කිසිම විදිහකින් අඩුවක් වෙලා නැහැ. ඉදහිට දැක්කත් මම විවාහ වුණා කියලාවත් මට තියෙන පේ‍්‍රක්ෂක ආදරේ අඩු වෙලා නැහැ.

බිංදු නොහොත් ලෝකල් බන්දු.... තාම බැදල නෑ - හේතුව මෙන්න...

බිංදු බෝත‍ලේගම කියන නමටත් වඩා බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ රූපයෙන්ලූ. හැබැයි ඒ පෙනුම නිසාම ජීවිතේ ගැටලු ගොන්නකට මුහුණ දෙන්න මේ බිංදුට සිද්ධ වෙලා. මේ බිංදු සමග කළ කතාබහක්. බිංදු කියන්නද? ලෝකල් බන්දු කියන්නද? බිංදු කියලා කියන්න. මගේ ඇත්ත නම බෝත‍ලේගම රණවක ආරච්චිගේ ජනක කුමාර. පුංචි කා‍ලේ පටන් ගමේ අය කිව්වේ ජනක කියලා. සමහරු මට බන්දු කියලා කියන්නේ මගේ පෙනුම බන්දු සමරසිංහ වගේ නිසා. ඒත් මම ඒ හැමෝටම කියන්නේ මට බන්දු නොකියා බිංදු කියන්න කියලයි. මොකද මම මමනේ
මොනවද පුංචි කා‍ලේ විස්තර? මම ඉපදුණේ ඇඹිලිපිටියේ සෙවණගල ගමේ. පුංචිකා‍ලේවත් මම රඟපාලා තිබුණේ නැහැ. ඉස්කෝ‍ලේ සෞන්දර්ය විෂයට පවා කළේ චිත්‍ර විෂය එහෙම කිව්වට ඉතිං ලොකු චිත්‍ර ශිල්පියෙක් නමෛයි. සාමාන්‍ය කොල්ලෙක්.
ජනක බන්දු වගෙයි කියලා කවුද මුලින්ම කිව්වේ? යාළුවො තමයි.
බිංදුගේ පෙනුම බන්දු වගේ වෙන්න දත නැති එකත් බලපෑවා නේද? දත මම හිතා මතා ගැලෙව්වා නමෛයි. ඒක වුණේ මෙහෙමයි. ඇඹිලිපිටියේ අපේ ගමේ ටැප් තිබුණේ නැහැ. කොල්ලො රංචුව එක්ක ගිහින් වලවේ ගඟේ පීනලා සතුටින් ඉඳපු ළමා කාලයක් මට තිබුණේ. ගඟේ නාන්න ගිහින් ගලක වැදිලා දතේ ස්නායු මැරුණා.
ටික කාලයක් යද්දී දත ළඟ විෂබිජ එකතුවෙලා ලොකු ප්‍රශ්න ඇතිවෙනකොට වෛද්‍යවරු කිව්වා දත ගලවන්න කියලා. අවුරුදු 23-24 වෙනකොට මට දත ගැන ආසාව අත ඇරගන්න වුණේ ඒ නිසා.
බන්දු සමරසිංහ කියන ප්‍රවීණයාව මුල්වරට දැකපු දවස මතකද? ඔව්. මම කොළඹට ආපු මුල මහරගම පාරෙදි බන්දු සමරසිංහ මහත්තයාව දැක්කා. දැකපු ගමන් ගිහිල්ලා කතා කරන්න ආස හිතුනට මට බය හිතුණා මොකද එයා ප්‍රවීණයෙක්. කවුරුවුණත් ප්‍රවීණයන්ට මම ගරු කරනවා.
ඊළට බන්දුව දැක්කේ කොහෙදීද? උසාවියේදී තමයි. මට එයාව අනුකරණය කිරීම ගැන චෝදනාවක් එල්ල වෙලා තියෙනවානේ.
පෙනුමෙන් බංදුගේ පිටපතක් වීම ගැන ඇත්තටම බිංදුට මොකද හිතෙන්නේ? ලෝකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවයි කියනවනේ. එයා කියනවා නම් මම එයා වගෙයි කියලා මම කියනවා එයා මම වගෙයි කියලා. මම අදහනවා දෙන්නටම හානියක් නොවෙන සාධාරණ දෙයක් දෙවියෝ කරාවි කියලා. හැමෝටම තමන්ගේ හැකියාවට ලැබෙන දෙයක් ලැබෙයි. මේ ලෝකේ දෙවියෝ බුදුන් ඉන්න බව මම අදහනවා.
බිංදු කියන්නේ හැබෑ ජීවිතේදී මොනවගේ කෙනෙක්ද? සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ගමේ කොල්ලෙක්.
පුද්ගලික ජීවිතේ විස්තර කියමු? මට ඉන්නේ අම්මයි, අයියයි. මල්ලිලා දෙන්නයි. අපේ අයියා විතරක් විවාහකයි. මමයි, මල්ලිලා දෙන්නයි නම් තාම තනිකඩයෝ
තනිකඩව හිටියා දැන් ඇති කියලා කවුරුවත් කියන්නෙ නැද්ද? මොකද නොකියන්නේ රටේ ලෝකේ හැමෝ ම කියන්නේ මට දැන් කසාද බඳින්න කියලයි. ඒත් එහෙම එක පාර කසාද බඳින්න බැහැ.
මම අවුරුදු 29ක කොල්ලෙක්. ස්ථාවරයක් හදාගන්නෙ නැතුව ගෑනු ළමයෙක්ගේ වගකීම කරට ගන්න බෑ.
විවාහය ගැන ඔහොම කතා කරන්නේ බිංදුගේ ජනප්‍රියකම අඩුවේවි කියලද? අනේ නැහැ. මම පුද්ගලික ජීවිතේ දී මොනවා කළත් කලාවේ ජනප්‍රියතාව නම් අඩුවක් වෙන එකක් නැහැ. ඒ නිසා ඇත්තමයි මම කියන්නෙ.
ඉදිරිය ගැන තියෙන බලා‍පොරොත්තු මොනවද? ඉදිරියේදී මේ ජීවත්වුණු විදියටම සතුටින් හොඳින් ඉන්න බලා‍පොරොත්තු වෙනවා නඩු හබ නිසා මම වැඩියෙනුත් එක්ක ප්‍රසිද්ධ වුණා. ඒනිසා කොහොමත් දැන් ආපහු ගමට ගිහින් කුලී වැඩක්, මේසන් වැඩක් කරන්න පටන්ගන්න බැහැ. මොකද මාව මිනිස්සු අඳුනනවා. නළුවා මේසන් වැඩ කරනවා බලන්න ගමට ඒවි. කොහොමටත් දැන් කලාව රහවැටුණු එකේ මේ පාරෙම ඉදිරියට යනවා.

Thursday 23 February 2017

සමලිංගික විවාහවලට අවසර දිය යුතුයි - අක්ෂා සුදාරි.

තරුණයින්ගේ සිත් වසඟ කිරීමට සමත් සරාගී පෙනුමක් ඇති අක්ෂා සුධාරි කියන චරිතය අපි හිතනවටත් වඩා ශක්තිමත් චරිතයක්. මොන ප්‍රශ්න ආවත් ඇය ඇයගේ ඉලක්කය වෙත කෙසේ හෝ ළඟාවීමට සෑම විටම ධෛර්යෙන් සහ කැපවීමෙන් යුතුව උත්සාහ කරනවා. ආක්ෂා එයාගේ අලුත්ම විස්තර මාධ්‍යට කියලා තිබුණේ මේ විදිහට.
ඔබේ නම මොකද්ද? - මගේ නම අක්ෂා සුධාරි. ගොඩක් අය ආක්ෂා කියලා කියනවා. ඒත් මම ආක්ෂා නෙමයි අක්ෂා.
ඔබේ පාසල - වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලය.
ඔබේ වෘත්තිය? - මම වෘත්තීය රංගන ශිල්පිණියක්. ඒ වගේම මම ව්‍යාපාරික කාන්තාවක්.
කලා ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හොඳම යාළුවා කවුද? මේනකා මධුවන්ති
ඔබට වයස අවුරුදු 50 ක් වෙනකොට ඔබ අත්පත්කරගන්න ඕනෙ කියලා හිතන්නෙ මොනවගේ ජීවන තත්වයක්ද? අවුරුදු 50 වෙනකොට මට ගොඩක් සල්ලි තියෙන්න ඕනෙ. ඒ වෙනුවෙන් මම දැන් ගොඩක් මහන්සි වෙනවා.
අක්ෂා විවාහ වෙන්නෙ කවදද? මට විවාහ වෙන්න දැන්ම අදහසක් නෑ. තරුණියක් විවාහ විය යුතු වයස මොකක් කියලද අක්ෂා හිතන්නෙ? තරුණියක් විවාහ විය යුතු වයස මම දන්නෙ නෑ. ඒත් මම බඳින්නෙ මට ඕන වෙලාවට.
ඔබේ ජීවිතේ මුහුණ දුන්න අවාසනාවන්තම සිද්ධිය මොකද්ද? හ්ම්... ඔව්.. මම ලොකු අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නා. ඒත් මට ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ. ඒක ප්‍රසිද්ධියේ කියන එක එච්චර සුදුසු නෑ. මොකද ඒක මගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නයක්.
දෙතොල් සිපගැනීමේ දර්ශනයක් ඕනම නළුවෙක් එක්ක රඟපාන්න අක්ෂා කැමතියිද? නෑ.
සමලිංගික විවාහයන් ලංකාව තුළ නීතිගත කරනවට ඔබ එකඟද? ඔව්. සමලිංගික විවාහයන්ට නීතියෙන් අවසර දෙනවට මම එකඟයි.
ලංකාවේ නිළියකට ලබන්න පුළුවන් ඉහළම‍ දේ විදිහට අක්ෂා හිතන්නෙ මොකද්ද? නිළියක් විදිහට අපි මොකක් හරි කලා නිර්මාණයක් කළාට පස්සෙ, ඒ ගැන රසික රසිකාවියන් ප්‍රශංසාත්මකව කතා කරන එක තමයි ‍නිළියක් විදිහට ලබන්න පුළුවන් ලොකුම සතුට. ඉතිං නිළියක් විදිහට ලබන්න පුළුවන් ලොකුම දේ වෙන්නෙත් ඒ සතුට.
ඔබේ අනාගත ඉලක්කය මොකද්ද? ව්‍යාපාරික කාන්තාවක් විදිහට ස්ථාවර වෙන්න මම සූදානම්.