Pages

Saturday 4 March 2017

විවාහ වුණා කියලා.. මිනිසුන්ගෙන් ලැබෙන ආදරේ අඩුවෙලා නෑ...

සචිනි කියන්නේ.... රුවැත්තියක්. ඒ රූපය නිසා රූප පෙට්ටියෙන් වගේම... රිදී තිරයෙන් ඉල්ලූමක් ඇයට තියෙනවාලු. ඇගේ රංගන දක්ෂතාව පෙන්වන්න හැමදාමත් ඉඩක් ලැබුණු නිසා ඇය ගැන මෙවර කතා කරන්න හිතුවා. මේ ඇය ගැනයි. සචිනි කාලේකට පස්සේ රංගනය එක්ක කාර්යබහුල වෙලා කියලා ආරංචියි..? මම අන්තිමට රඟ පෑ චිත‍්‍රපටිය විකාශය වුණේ 2014 අවුරුද්දේ. සිරිපැරකුම්. එකට පස්සේ කිසිම නිර්මාණයකට රංගනයෙන් දායක වුණේ නැහැ. ඒ නිසා ලොකු වි‍ෙව්කයක් ලැබුණා. ඊට පස්සේ ඉතිං ආයෙමත් රඟපෑවොත් හොඳයි කියලා හිතුණා. දැන් ආයෙමත් රඟපානවා. එ්ත් එක්කම කාර්යබහුල වෙලා.
විවේක සුවයෙන් හිටියේ හොඳම නිර්මාණයකට ඇරයුම් ලැබෙනතුරුද..? දරුවෝ දෙන්නා එක්ක වැඩිපුර කාලයක් ගතකළා. පොඞ්ඩගේ වයස දැන් අවුරුදු දෙකයි. මට ආයෙමත් රඟපාන්න පුළුවන් වයසක එයා ඉන්නේ. එ්ත් එක්කම හොඳ නිර්මාණ දෙකකට ඇරයුම් ආවා. මගහැරගන්න එක අපරාධයක් නිසා එ්වාට සම්බන්ධ වුණා. එක ටෙලි නාට්‍යයක් මේඝ අනිත් එක රූමස්සල ටෙලිනාට්‍යය. මේඝ නාට්‍යයේ බිරිඳක් විදිහට රඟපාන්නේ. බුඞී කීර්තිසේන අයියගේ මුල්ම ටෙලි නාට්‍යය තමයි රූමස්සල කියන්නේ. එ්කේ විශ්වවිද්‍යාල සිසුවියකගේ චරිතයකට රඟපාන්නේ.
දෙදරු මවක් වුණාට තවමත් ශිෂ්‍ය චරිතවලට ඇරයුම් ලබන්න පෙනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ..? ඒ ගැන සතුටුයි. විවාහ වුණාට පස්සේ ගොඩක් වේලාවට පෙම්වත් චරිත හෝ ළාබාල චරිත ලැබෙනවා අඩුයි. ඒ වයසට ගැළපෙන නිළියොත් ඕන තරම් ඉන්නවා. ඒත් මාව මේ චරිතයට තෝරා ගත්තේ පෙනුම නිසා වෙන්න ඇති. එ් වගේම චරිතය හොඳට හසුරවයි කියන විශ්වාසය නිසා වෙන්නත් ඇති. මම කොහොමත් හැමදාම පෙනුම ගැන සැලකිලිමත් වෙනවා.
සචිනි වැඩිපුරම කතා බහට ලක් වුණෙත් සචිනිගේ ඩයටින් ප්ලෑන් එක නිසායි. පෙනුම ගැන හිතලද ඩයට් කරන්නේ..? ඔව්. නිළියක් වුණත් නැතත් කාන්තාවක් විදිහට ලස්සනට ඉන්න ඕන කියලයි මම හිතන්නේ. මම දැන් අවුරුදු පහක විතර ඉදලා කෑම පාලනය කරනවා. ව්‍යායාම් කටයුතුවල නිරත වෙනවා. එ් වගේම සමහර අය ඩයට් කරනවා කියලා නොකා නොබි ඉන්නවා. එහෙම කරන්න ඕන නැහැ. ස්වභාවික කෑම බීම වැඩිපුර අරගෙන පිටි කෑම අඩු කළා නම් ලස්සනට ඉන්න පුළුවන්. එ්කට කැප කිරීම විතරයි ඕන. දවසක් ඩයට් කරලා කම්මැලිකමට ඊළඟ දවසේ නොකර හිටියොත් කොහොමත් වැඩක් නැහැ. මම එක වේලක් විතරයි බත් කන්නේ. අනිත් වේල් දෙක පෝෂ්‍යදායි කෑම වේලක් කරගන්නවා.
ඒ කියන්නේ සචිනිට හොඳට කට පාලනය කරගන්න පුළුවන්..? අපොයි පුළුවන්. මම කොහොමත් කෑමවලට පෙරේත කෙනෙක් නෙමෙයි. මම කෑම ගැන හිතන්නේ නැහැ. මට ඕනෑම දෙයක් කන්නත් නොකා ඉන්නත් පුළුවන්.
සචිනි ඩයට් කරන නිසා ගෙදර අනිත් අයට කෑම ප‍්‍රශ්නෙදි අවාසි සහගත දේවල් වෙනවා ඇති..? කොහෙත්ම නැහැ. අනිත් අයට ඕන විදිහට කෑම ගෙදර හදනවා. අපේ ගෙදර මට කෑම වෙනම උයනවා වගේම බබාලා දෙන්නට වෙනමත් හස්බන්ඞ්ට වෙනමත් කෑම හදනවා. එ් නිසා තවම නම් කෑමට ප‍්‍රශ්න මතු වෙලා නැහැ.
රංගන ජීවිතේ කාර්යබහුලකම එක්ක ගෙදර වැඩවලට කාලය වෙන් කරන්න වේලාවක් තියෙනවද..? ගෙදර වැඩ මගේ අතින් නෙමෙයි වෙන්නේ. උයන්න මට වේලාවක් නැහැ. නමුත් අම්මා කෙනෙක් බිරිඳක් විදිහට වෙන්න ඕන යුතුකම් මම ඉටු කරනවා. ෂුටිං යන්නෙත් දරුවෝ දෙන්නා සැමියා එක්ක ඉන්න වේලාව වෙන් කරගෙනයි.
සචිනි ආයෙමත් දීර්ඝ කාලයක් රඟපානවද..සැමියාගෙන් රඟපෑමට අවසර ලැබෙනවද..? එයාගෙන් අකැමැත්තක් නැහැ. මට තවම අකැමැත්ත කියලත් නැහැ. මම වැඩක් භාර ගත්තොත් එයා එ්ක කරන්න නිදහස දෙනවා. එපා කියන්නේ නැහැ. ඇත්තටම මම දිගටම රඟපාන්න ආසයි. ඉවත් වුණොත් හැකියාව ගෙදරට සීමා වෙනවා. මම එහෙම වෙන්න කැමැති නැහැ.
ඉ`දහිට දකින සචිනිට පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරවල අඩුවක් නැද්ද..? කිසිම විදිහකින් අඩුවක් වෙලා නැහැ. ඉදහිට දැක්කත් මම විවාහ වුණා කියලාවත් මට තියෙන පේ‍්‍රක්ෂක ආදරේ අඩු වෙලා නැහැ.

0 comments:

Post a Comment