ඔබේ නම මොකද්ද? - මගේ නම අක්ෂා සුධාරි. ගොඩක් අය ආක්ෂා කියලා කියනවා. ඒත් මම ආක්ෂා නෙමයි අක්ෂා.
ඔබේ පාසල - වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලය.
ඔබේ වෘත්තිය? - මම වෘත්තීය රංගන ශිල්පිණියක්. ඒ වගේම මම ව්‍යාපාරික කාන්තාවක්.
කලා ක්ෂේත්රයේ ඔබට ඉන්න හොඳම යාළුවා කවුද? මේනකා මධුවන්ති
ඔබට වයස අවුරුදු 50 ක් වෙනකොට ඔබ අත්පත්කරගන්න ඕනෙ කියලා හිතන්නෙ මොනවගේ ජීවන තත්වයක්ද? අවුරුදු 50 වෙනකොට මට ගොඩක් සල්ලි තියෙන්න ඕනෙ. ඒ වෙනුවෙන් මම දැන් ගොඩක් මහන්සි වෙනවා.
අක්ෂා විවාහ වෙන්නෙ කවදද? මට විවාහ වෙන්න දැන්ම අදහසක් නෑ. තරුණියක් විවාහ විය යුතු වයස මොකක් කියලද අක්ෂා හිතන්නෙ? තරුණියක් විවාහ විය යුතු වයස මම දන්නෙ නෑ. ඒත් මම බඳින්නෙ මට ඕන වෙලාවට.
ඔබේ ජීවිතේ මුහුණ දුන්න අවාසනාවන්තම සිද්ධිය මොකද්ද? හ්ම්... ඔව්.. මම ලොකු අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දුන්නා. ඒත් මට ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ. ඒක ප්‍රසිද්ධියේ කියන එක එච්චර සුදුසු නෑ. මොකද ඒක මගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නයක්.
දෙතොල් සිපගැනීමේ දර්ශනයක් ඕනම නළුවෙක් එක්ක රඟපාන්න අක්ෂා කැමතියිද? නෑ.
සමලිංගික විවාහයන් ලංකාව තුළ නීතිගත කරනවට ඔබ එකඟද? ඔව්. සමලිංගික විවාහයන්ට නීතියෙන් අවසර දෙනවට මම එකඟයි.
ලංකාවේ නිළියකට ලබන්න පුළුවන් ඉහළම දේ විදිහට අක්ෂා හිතන්නෙ මොකද්ද? නිළියක් විදිහට අපි මොකක් හරි කලා නිර්මාණයක් කළාට පස්සෙ, ඒ ගැන රසික රසිකාවියන් ප්රශංසාත්මකව කතා කරන එක තමයි නිළියක් විදිහට ලබන්න පුළුවන් ලොකුම සතුට. ඉතිං නිළියක් විදිහට ලබන්න පුළුවන් ලොකුම දේ වෙන්නෙත් ඒ සතුට.
ඔබේ අනාගත ඉලක්කය මොකද්ද? ව්‍යාපාරික කාන්තාවක් විදිහට ස්ථාවර වෙන්න මම සූදානම්.
0 comments:
Post a Comment